එජාපයට ජනපතිගෙන් ඔවදන්


අන්තර්ජාතික මිතුරන් සතුටු කරනවාට වඩා ලංකාවේ ජනතාවට ළංවී රට නැංවීමට එන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති එක්සත් ජාතික පක්ෂයට ඇරියුම් කළේය. තමා ඉදිරිපත් කළ අයවැය හොඳ නැත්නම් පාර්ලිමේන්තුවේ බෝඞ් ලෑලි පෙන්වනවාට වඩා විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නැයිද ජනපති සිය අයවැය පිළිතුරු කථාව කරමින් එජාපයට කීවේය.