එජාපයට එරෙහිව වාරණයක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධම්මික වීරරත්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ලබන 12 වැනිදා තෙක් වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්⁣ගේ මහතා අද ( 29) වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා ධම්මික වීරරත්න මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු මෙම වාරණ නියෝගය නිකුත් කෙරිණි.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.