එජාපයට එරෙහිව බලවේගයක් ගොඩනඟනවා - එස්බී


 

 

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ සිටින මානව හිතවාදී,දේශප්‍රේමී සහෝදරවරු සමඟ අත්වැල් බැඳගෙන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බලවේගයක් ගොඩ නැගීමට කටයුතු කරන බව ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ඇමැති එස්බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.

අගමැති සමඟ හෝ එජාපයේ කිසිවකු සමඟ පෞද්ගලික ගැටලුවක් නැතැයි පැවසු දිසානායක මහතා ආණ්ඩුවේ හොඳ වැඩවලට සහය දෙන බවද කීය.