අංජුල මහීක වීරරත්න
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට අමතරව තවත් අතිරේක ලේකම්වරුන් තිදෙනකු පත් කිරීමට පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ උපදේශක මණ්ඩලය අද සාකච්ඡා කර තිබේ.
ඒ අනුව මහලේකම් ධුරයට අමතරව පක්ෂ මාධ්‍ය ලේකම්, ප්‍රචාරක ලේකම් සහ වෘත්තීය සමිති ලේකම් යන තනතුරු ඇති කර ඒවාට නිලධාරීන් පත් කළ යුතු බව සාකච්ඡා වී ඇත.
ලබන 19 වැනි දා රැස්වීමට නියමිත උපදේශක මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එකඟවී තිබේ. පක්ෂ මහ ලේකම්, සභාපති, භාණ්ඩාගාරික සහ ජාතික සංවිධායක තනතුරුවලට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
එදින ගන්නා සියලු තීන්දු තීරණ ලබන හය වැනි දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මැයි දින සැමරුම් රැලියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ උපදේශක මණ්ඩලය සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත වේ. අද පැවැති උපදේශක මණ්ඩල රැස්වීමට ගයන්ත කරුණාතිලක, අජිත් පී පෙරේරා, ඉරාන් වික්‍රමරත්න සහ නිල බලයෙන් සාමාජිකත්වය හිමිව ඇති සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.
එජාපයට අතිරේක ලේකම්වරුන් 03ක් පත්කරන්න සාකච්ඡා
Recommended Articles