එජාපයට 106 යි : සන්ධානයට 95යි


අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයෙන් ආසන 93ක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ආසන 13ක් ලැබිණි. ඒ අනුව එජාපය ලබා ගත් ආසන සංඛ්‍යාව 106කි.

ආසන 83ක් දිනා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තු ආසන 12ක් ලැබිණි. ඒ අනුව සන්ධානයේ ආසන සංඛ්‍යාව 95කි.

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ද සමග ආසන හයක් ද, ජාතික ලැයිස්තු ආසන දෙකක් ද සමග ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආසන 16ක් ද, මුස්ලිම් කොංග්‍රසය හා ඊපීඩීපී පක්ෂය එක් ආසනය බැගින් ද දිනා ගත්තේය.

(ග්‍රැෆික් නිමල් ජයශාන්ත)

web