එජාපය සමග කතා නායකත්වය වෙනස් වෙනවානම් පමණයි


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය සමඟ සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගය කිසිදු සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (28) පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් පත්වන්නේ නම් පමණක් සාකච්ඡා සඳහා සළකා බලන බවද අබේසිංහ මහතා සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සමගි ජනබලවේගය හා එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සියලු පාක්ෂිකයන්ට විවෘත ආරාධනාවක් කරන බවද අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.