එජාපය සබරගමු සභාවේ හිස්වූ අසුන් පුරවයි


මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ රත්නපුර දිස්ත‍්‍රික්කයේ සබරගමුව පළාත් සභාව නියෝජනය කළ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වූ ඒ. ඒ. විජේතුංග සහ හේෂාන් විතානගේ යන දෙදෙනාගේ පළාත් සභා මන්ත‍්‍රී ධූර පුරප්පාඩුව පවතින බවත් ඒ සඳහා 2012 පළාත් සභා මැතිවරණයේදී මනාප ප‍්‍රතිඵල අනුව ඉහළ ප‍්‍රතිශතය ලබාගත් මන්ත‍්‍රීවරුන් දෙදෙනකු නම් කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සබරගමුව පළාත් සභාවේ විපක්‍ෂ නායිකාව ලෙස සිටි තුසිතා විජේමාන්න මහත්මිය කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් මෙවර පාරලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන්  සබරගමුව පළාත් සභා විපක්‍ෂනායක ධූරයේ  පුරප්පාඩුව පවතී.  ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ පළාත් සභා මන්ත‍්‍රීවරුන් තිදෙනකු අතරින් අයෙකු පත්වීමට ඉඩ ඇති බවත් පුරප්පාඩුවූ රත්නපුර දිස්ත‍්‍රික්කයේ එකසත්  ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ධූර සඳහා ඇහැලියගොඩ ප‍්‍රදේශයෙන් පසුගිය පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව ඉහළ මනාප ලබාගත් නිමල්  විජේනායක සහ කේ.එල්. රත්නායක මහත්වරු නම් කිරීමට නියමිතව ඇත.

එසේම සබරගමුව පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂය හෙබවූ විපක්‍ෂනායක ධූරය සඳහා එම පළාත් සභාාවේ එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන යෙහියා එම්. ඉෆ්ලාර්,  සිරිපාල කිරිඇල්ල සහ සමිත ආටිගල යන මන්ත‍්‍රිවරුන්  තිදෙනාගෙන් අයකු පත්වීමට ඉඩ ඇති බව එම පක්‍ෂයේ ඉහළ නිලධරයකු පැවසීය.