එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ නිදහස් දින සමරු උත්සවය අද (04) පෙරවරුවේ පොල්වත්ත පන්සලේ දී පැවැත්විණි.
1948 පෙබරවාරි 04 වැනි දා ප්‍රථම නිදහස් සමරු උළෙල නිමිත්තෙන් එවකට අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතා විසින් රෝපණය කරන ලද අඹ රුක අභියස පිහිටි ඩී එස් සේනානායක පිළිරුවට එජාප නායකත්ව මණ්ඩල සභාපකි කරු ජයසූරිය මහතා පුෂ්පෝපහාර දැක්වීය.

