(එස් .ඩි .කොඩිකාර )
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානයකට සූදානම් බව තරුණ කටයුතු පිළිබඳ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) දෙනියාය කොටපොළ දී පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කොස්මෝදර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය විසින් අසරණ පවුලකට අංග සම්පූර්ණ නිවසක් සාදා එය භාර දීමේ උත්සවයකදීය.මේ අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද එක් විය.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
“අනාගතයට ගැලපෙන විදියට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අපි සිදු කරන්න ඕන.අපි මේ ගැන ඉදිරි දෙදින තුළ පක්ෂයක් වශයෙන් සාකච්ඡා කරනවා.
අගමැතිතුමාට රජයට විරුද්ධව ගෙනා ඒ විශ්වාසභංගය පරාද කරන්න අපේ ආණ්ඩුවේ පක්ෂ දෙක කටයුතු කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කොටසක් ඒ විශ්වාස භංගයට පක්ෂව කටයුතු කළා .
තමන්ට රජය ගැන විශ්වාසයක් නැත්නම් ඒක තුල සිට රජය වැට්ටවීමට කටයුතු කරන එක සුදුසුද ?
පළාත් පාලන මැතිවරණ වෙලාවෙදි ජනතාව අපිට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා .ඒක අනතුරු ඇඟවීමක් විතරයි . අපි අපේ ගමන හරි ගස්ස ගත්තොත් ඉදිරියට යන්න පුළුවන්.
ජනාධිපතිතුමා, අගමැතිතුමා,කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් ජනතාවට වැඩ කරන්න ඕන.
ඒක තමයි අපි බාර ගත්ත වගකීම . පලවෙනි අවුරුදු තුනේ අපි මහන්සි වුණා වැඩපිළිවෙළක් හදන්න. දැන් ඒක ක්‍රියාත්මක කරන කාලයයි. එහෙම නොකලොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව අපිව ෆේල් කරාවි යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.“
එජාපය ප්‍රතිසංවිධානයකට සූදානම් - සාගල රත්නායක
Recommended Articles