එජාපය කැබිනට් නොවන ඇමැතිධූර තුනක් ඉල්ලති


කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා  එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, වසන්ත අලුවිහාරේ, සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනා කැබිනට් නොවන ඇමැතිවරු ලෙස පත්කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ වන විට කැබිනට් ඇමැතිවරු 28 දෙනෙක් පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුකූලව කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය 30 දක්වා සීමා විය යුතුය.
 

(ඩේලිමීරර් ඇසුරෙනි)

(28535)