එජාප සභාපති මලික් ඉල්ලා අස්වෙයි


(අංජුල මහික වීරරත්න)
 සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ  අමාත්‍ය මලික් සමරවික්‍රම  මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

එක්සත් ජාතික  පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන සඳහා සහය දැක්වීමක් ලෙස  තමා එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වු බව අමාත්‍ය මලික් සමරවික්‍රම  මහතා  ලංකාදීපයට පැවසීය.

 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන  යෝජනා ලබා  ගැනීම සඳහා  පත් කෙරුණු  රුවන්  විජයවර්ධන  කමිටුව  සියලු  තනතුරු වෙනස් කළ යුතු බවට   නිර්දේශ කර  තිබිණි.
එක්සත් ජාතික පක්ෂයේ නව තොරතුරු සියල්ල මැයි 01 වැනිදාට පෙර පත් කිරීමට නියමිතව ඇත.