එජාප සන්ධානය පිහිටුවන දිනයේම ජනපති අපේක්ෂකයා නම් කරනවා


(නිමල කොඩිතුවක්කු)
        
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවන දිනයේදීම පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ද නම් කරන බව එම පක්ෂයේ සභාපති, මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(15) කොළඹදී පැවසීය.
        
ඒ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අනිද්දා (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව ද සභාපතිවරයා ස`දහන් කළේය.
        
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවන මොහොතේම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායකනිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළ කර ඇතැයිද ඔහු පැවසීය.
        
අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අද(15)පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.