එජාප සංවිධායක මහින්දට


එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය හිටපු සංවිධායක කමල් ජයන්ත ද සිල්වා අද ඇල්පිටියේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වේදිකාවට ගොඩවී ඔහුට බුල්ත හුරුළු දී සන්ධානයේ සාමාජිකත්වය ලැබීය.

මේ අතර කලින් එක්සත් ජාතික පක්ෂයට එක්වූ බලපිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඒ.දයාරත්න ද සිල්වා අද දහසක පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සමග එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ආවේය. ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතාගෙන් ඒ පිරිස එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ගත්හ.