එජාප විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී


බිඟුන් මේනක ගමගේ 
 
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් අද (18) පස්වරු 7.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමේ යෝජනාවකට අස්සන් ලබාගැනීමට ද මෙහිදී සිදුවීමට නියමිත යැයි එ.ජා.පයේ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
 
අද (18) පෙරවරුවේ ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේ දී ද  එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැති අතර පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කඩිනමින් සිදුවන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේ යැයි ද ඔහු කීය.