එජාප ලැයිස්තුවෙන් නොවේ : රිෂාඩ්ගේ පක්ෂයෙන්


මහ මැතිවරණයෙන් පරාජයට පත් වුණු කිසිවකු එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය කියයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වය බාර ගත් 1994 සිට මේ දක්වා මහ මැතිවරණයක දී පරාජිත අපේක්ෂකයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකළ බව මහ ලේකම් කබීර් ශෂීම් මහතා පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවාවි මහතා ජාතික ලැයිස්තුවට ඇතුළු කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ හවුල් කාර පක්ෂයක් වන අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඉල්ලීම අනුව බව හෂීම් මහතා කියයි.

මහා මැතිවරණයට පෙර අත්සන් කළ එකඟතා ගිවිසුම් අනුව ක්‍රියා කිරීමේ දී අදාල පක්ෂ නායකයන්ගේ නිර්දේශ අභියෝගයට ලක් නොකරන බව ද හෂීම් මහතා සඳහන් කරයි.