එජාප මැයි රැළිය කොළඹ නගර සභා පිටියේදී


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂ මෙවර මැයි දින රැළිය කොළඹ නගර සභා පිටියේ  දී පැවැත්වීමට  තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
 

ඊළඟට එළඹෙන  ඕනෑම ජාතික  මැතිවරණයක් ජයග‍්‍රහහණය කිරීමේ කටයුතු ද සම්පාදනය කරමින් මෙවර මැයි දින රැළිය සංවිධානය කරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
 
කොළඹදී විශේෂ මාධ්‍යය  හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මේ වනවිටත් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව ක‍්‍රියාත්මක වන බවත් සඳහන් කළ මහලේකම්වරයා කලූතර දිස්ති‍්‍රක්කයෙන් සාර්ථකව ආරම්භ කළ සිරිකොත ගමට වැඩපිළිවෙළ අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
 
මෙවර මැයි දිනයෙන් පසු සිරිකොත ගමට වැඩසටහන අනුරාධපුර දිස්ත‍්‍රික්කය ආවරණය කරමින් ක‍්‍රියාත්මක කරන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවැසීය.
 
මැයි රැළියට පෙර එක්සත් පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ එක්වී ගොඩනඟන  දැවැන්ත පෙරමුණ ප‍්‍රකාශයට පතිකිරිමට බලාපොරොත්තු වන බවද මහලේකම්වරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින ප‍්‍රධාන පක්ෂවල නායකයින්, සාමාජිකයන්, දේශපාලනඥයින් ඇතුළු ජනතා නියෝජිතයන් සමඟ එක්ව ඊළඟ ජාතික මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බව ද මහලේකම්වරයා  මෙහිදී වැඩිදුරටත් පැවැසීය.