එජාප මහ ලේකම් උදම් අනයි


කොළඹ මහ නගර සභා අතිවිශිෂ්ට ජයග‍්‍රහණයත් සමග එක්සත් ජාතික පක්ෂයේ විජයග‍්‍රාහී ගමන ඇරැඹි ජනතා විරෝධී ආණ්ඩුවේ අවසානය සනිටුහන් වුයේ යැයි පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවැසීය. රජයේ ඉහළ නිලධරයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ආයතන සංග‍්‍රහය උල්ලංඝණය කරමින් සන්ධානයේ පුරපති අපේක්ෂක ජයග‍්‍රහණය වෙනුවෙන් දේශපාලනය කරමින් එල්ල කළ සියලූ බලපෑම් සහ තර්ජන සියල්ල ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ ඡන්ද දායකයන් රජයට හොඳ පාඩමක් ඉගැන්වූයේ යැයිද පක්ෂයේ සියල්ලන්ම එකට එකතු වී සහයෝගයෙන් වැඩ කළොත් ජයග‍්‍රහණය නියත යැයිද ඔහු කීවේය.