එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද සිය නතතුරෙන් ඉල්ලා අස්විය. සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ තමන් අද දිනයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද හමුවූ බවයි.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මම අද උදෑසන රනිල් වික්‍රමසිංහ මහතාව පෞද්ගලිකවම හමුවුණා. ඒ වෙලාවේදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වී සමගි ජනබල පෙරමුණෙන් තරග වදින්න මට තියෙන අදහස මම වික්‍රමසිංහ මහත්තයාට කිව්වා“
“මම එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරෙන් ඉල්ලා අස්වුණා“ යයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

