(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ තනතුරු වෙනස් කරමින් පුර්ණ ප්‍රතිසංවිධානය සඳහා පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී මණ්ඩලය අද (07) පිට කෝට්ටේ සිරිකොත මූලස්ථානයට රැස් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් පැය 48ක් අඛණ්ඩව රැස් වී සාකච්ජාකොට පක්ෂයේ තනතුරු වෙනස් කිරීම පිලිබඳ තීරණයකට එළඹීමට නියමිතව ඇත.
පක්‍ෂ ප්‍රති සංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණු කමිටු තුනේ නිර්දේශ සලකා බලමින් අවසන් තීරණය ගන්නා බව සිරිකොත ප්‍රකාශකයෙක් පැවැසීය.