එජාප පළාත් මන්ත්‍රීට පන්සලේදී ගහලා


වාද්දූව සමුද්‍රාරාම විහාරයේ අද පැවැති උත්සවයක දී පුද්ගලයකු තමාට පහර දුන් බව බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය (එජාප)මහතා වාද්දූව පොලිසියට පැමිණිලි කළේය.

මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

පහරදීම ගැන ජනපති කිසිවක් නොදන්නා බවත් දැනගන්නට ඇත.

‘මේ ගොල්ලො තමයි අපට හිරිහැර කළේ.‘ යනුවෙන් පවසා පහර දුන් බව පැමිණිල්ලේ සඳහන්ය.