එජාප පසුපෙළ මන්ත්‍රීවරු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් මූලාශ්‍ර ඉල්ලති


(අංජුල මහික වීරරත්න)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට පළ කළ වාර්තාවට අදාළව මුලාශ්‍ර දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට නිල වශයෙන් ඉල්ලිමක් කර තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පළවු වාර්තාවට අනුව නීතිමය හා දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවේ කෙරෙන කටයුතු සඳහා ඉහත තොරතුරු අතිශය වැදගත් බවද පසුපෙළ මන්ත්‍රීවරුන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට යොමු කළ ලිපියේ සඳහන් වේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඩොලර් බිලියන 7.6 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 112 ක් තරම් විශාල මුදලක් දිමට අදාළව තිබේන මුලාශ්‍ර ලබා දෙන්නේ නම් එවා ලබා ගැනිමට පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ඇමේරිකාවේ නිව්යෝර්ක්  නුවරට පැමිණිය හැකි බවද යවන ලද ලිපියේ සඳහන් වේ.