එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ හා සංවිධාන 22 ක් සහිත එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන සියලු අපේක්ෂක ලැයිස්තු පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19දා) අනුමත කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් අනුමැතිය ලැබූ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක ලැයිස්තු සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා අත්සන් කිරීම අද සවස සිදු විය.
පක්ෂ හා සංවිධාන 22ක් එජාප ලැයිස්තුවෙන් තරග කිරීමට ඉල්ලීම් කර තිබූ නිසා ලැයිස්තු සැකසීම අසීරු වූ බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

