මහනුවර වටපුළුවේ ශ්‍රමදානයකින් පසුව හෝටලයකදී පැවති සාදයකදී මහනුවර නගරසභාවේ එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රී විපුල රණසිංහ පිහි පහරකට ලක්ව රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
මේ සදහා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා එම පක්ෂයේම හිටපු නාගරික මන්ත්‍රීවරයකු සොයන බව පොලීසිය කියයි.
සෙනසුරාදා රාත්‍රියේදී පැවැති මෙම සාදයට නගර සභාවේ දෙපාර්ශවයේම මන්ත්‍රීවරු සහභාගී වුහ.
නාගරික මන්ත්‍රීගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල කියයි.

