එජාප දෙන්නකුට තහනමක්


පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික  පතිරණ සහ පළාත් සභා මන්තී‍්‍ර ශිරාල් ලක්තිලක මහත්වරුන්ගේ  පක්‍ෂ සාමාජිකත්වය  තාවකාලිකව තහනම් කළ බව එක්සත් ජාතික පක්‍ෂය කියයි. ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් එක්සත් ජාතික පක්‍ෂයට වැඩ නොකර ස්වාධීන කණ්ඩායමකට වැඩ කළැයි එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි. ඔවුන්්ගෙන් නිදහසට කරුණු විමැසීමට කල්දී ඇත.