(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරි රැස්වීමක් මෙම 29 වෙනිදා පැවැත්වේ.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව පක්‍ෂ ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණු කමිටු තුනෙන් ලබාදුන් නිර්දේශ පිළිබඳවද එහිදී තීරණ ගැනීමට නියමිත බව පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව පක්‍ෂ නායකත්වයට පත් වන අනුප්‍රාප්තිකයා නම් කරන්නැයි පක්‍ෂ ප්‍රති සංවිධාන යෝජනා ලබා ගැනීමට පත් කෙරුණු රුවන් විජයවර්ධන කමිටුව නිර්දේශ කර තිබිණි.
පක්ෂයේ මහලේකම් තනතුර ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් වෙනස් කිරීම පිළිබඳව මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.