( අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දිස්ත්‍රික් මට්ටමින් සහ පක්ෂ දේශපාලන මණ්ඩලයෙන් නව සාමාජිකයින් නව දෙනකු අද (31) පත් කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති රනිල් වික්‍රම සිංහ මහතාගේ ප්‍රධෘනත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වු අවස්ථාවේදී මෙම පත් කිරීම් සිදු කර ඇත.
මාතර - බුද්ධික පතරණ, මහනුවර - ලකී ජයවර්ධන, කෑගල්ල - තුසිත විජේමාන්න, මැදිරිගිරිය- සිඩ්නි ජයරත්න, රත්නපුර ඒ.ඒ විජේතුංග සහ දුනේෂ් ගන්කන්ද, ගම්පහ -අජිත් මානප්පෙරුම දිස්ත්‍රික් මට්ටමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කෙරුණු අතර දේශපාලන මණ්ඩල සභිකයකු වන නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතාද කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් විය.
පක්ෂයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික ඇතුළු අලුතින් පත් කළ යුතු නව පත් කිරීම් පත් කිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ පක්ෂයේ නව තනතුරු සඳහා උපරිම බලතල ලබා දෙන අතර ගම් මට්ටමින් පක්ෂය ප්‍රවර්ධනය කිරීම සඳහා සියළ නිලධාරීන් උපරිම අයුරින් කැපවිය යුතු බවයි.