(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා සුදුසුම අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බවත් මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයා සමඟ දිගින් දිගටම සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කළ බවත් හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ මැති ඇමතිවරුන් පිරිසක් අතර ඊයේ (20) රාත්‍රියේ කොළඹදී පැවති විශේෂ සකච්ඡාවකදී මේ තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බැවින් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියේය.
පක්ෂ නායකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පවා මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බැවින් අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය කඩිනමින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පක්ෂය අතර ගැටුම් අර්බුද ඇතිවීමට පෙර ජනාධිපති අපේක්ෂක ධූරය සහ සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවයක් ඉතා කඩිනමින් ගන්නා ලෙසට යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිමට එම මැති ඇමතිවරුන් පිරිස තීරණය කළ බවත් ඔහු කීවේය.
මෙම සාකච්ඡාව පැය තුනකට අධික කාලයක් පැවති අතර ඒ සඳහා කැබිනට් ඇමතිවරුන් ඇතුලු මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, චන්ද්‍රානි බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්ත, සුජීව සේනසිංහ, අජිත්. පී පෙරේරා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

