එජාප අපේක්ෂක අත්අඩංගුවට


මීගමුව මුදල් හුවමාරු කරන මධ්‍යස්ථානයකින් පසුගිය 17වැනි දා කෝටි එකහමාරක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන රොයිස් විජිත ප්‍රනාන්දු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මීගමුව නගර සභාවේ විපක්ෂ නායක ද වන මොහු  එක්සත් ජාතික පක්ෂයෙ මීගමුව ආසනයේ ප්‍රධාන සංවිධායක බව දැනගන්නට ඇත. කොල්ල කෑ මුදලින් රුපියල් එක් ලක්ෂ අසූ පන්දහසක් සැකකරු සන්තකයේ තිබූ සොයාගත් බව පොලිසිය කියයි. පෙරදින අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලැබූණු තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි