එච්.පී.සුමනසේකර ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට


වීනිතා එම් ගමගේ
 
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු වන පන්තියේ නිලධාරියකු වන  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එච්.පී.සුමනසේකර මහතා පත් කරනු ලැබ තිබේ. 


ප‍්‍රාදේශීය ලේකම්වරයකු ලෙස ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු මෙන්ම තානාපති සේවයේ  ඕමාන් තානාපති කාර්යාලයේ උපදේශකවරයකු ලෙස ද සේවය කර ඇති සුමනසේකර මහතා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.