එච්.එන්.ඩී විරෝධතාවයෙන් නගර ශාලාව අවට මාර්ග තදබදයක්


විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ බොරැල්ල  මාර්ග  කිහිපයක්  අවහිර  වී තිබේ.


 අන්තර් උසස් ජාතික  ගණකාධිකරණ   ඩිප්ලෝමා පඨමාලා සුරැකීමේ  ශිෂ්‍ය එකමුතුව  මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.


මහපොල වාරිකය වැඩි කිරීම, ශිෂ්‍ය කප්පාදුව නැවැත්වීම,පාඨමාලා විෂය නිර්දේශ යාවාත්කාලින කිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මොවුහු  විරෝධතාවයේ නියැලී සිටිති.


මෙම විරෝධතාව හේතුවෙන්  මාර්ග රැසක රථවාහන තද බදයක් පවතී.


( ඉෂාන් සංජීව )