ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ පණ තිබෙන සතුන්ට වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ.
සැඟවී යාමට ඇති හැකියාව නිසා වයිරසය අල්ලා ගත නොහැකි බව පෙන්වාදෙන විද්‍යාඥයන් මෑතකදී කරන ලද අධ්‍යයනයකදි නැවැත ආසාදිත තත්ත්වයක් ඇති නොවන පරිදි මනුෂ්‍ය සෛල රෝපණය කළ මීයන්ගෙන් එච්.අයි.වී ඩී.එන්.ඒ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි වූ බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.
මේ ආකාරයෙන් සතුන්ගෙන් එච්.අයි.වී වයිරසය ඉවත් කළ පළමු අවස්ථාව මෙය බවත් ඉදිරියේදි මිනිසුන් යොදාගනිමින් සායනික පර්යේෂණ කරන බව මෙම අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයෝ පවසති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙම්පල් විශ්ව විද්‍යාලයේ ලුවිස් කැට්ස් වෛද්‍ය ආයතනය සහ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මෙම අධ්‍යයනය සිදු කර තිබේ.
මානව ප්‍රතිශක්ති කරන සෛල මීයන් තුළ රෝපණය කරමින් මිනිසුන්ට සමාන ආකෘතියක් නිර්මාණය කරමින් විද්‍යාඥයන් පිරිසක් එම අධ්‍යයනය කර ඇති අතර එහිදි මීයන් තුළ එච්.අයි.වී වයිරසය ව්‍යාප්ත කර ඇත.
ටෙම්පල් විශ්ව විද්‍යාලයේ ලුවිස් කැට්ස් වෛද්‍ය ආයතනය ආචාර්ය වෙන්හුයි හූ විසින් මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබ තිබේ.
“අපේ මේ නව අධ්‍යයනය වඩාත් පුළුල් අධ්‍යයනක්. අපි අපේ කලින් අධ්‍යයනයේ දත්ත සනාථ කළා. අපි අපේ ජාන සංස්කරණ උපායමාර්ගය තවත් කාර්යක්ෂම කළා. අපේ උපායමාර්ගය අමතර මීයන් දෙදෙනකු ද යොදාගනිමින් සනාථ කළා. එකක් මීයන්ගේ සෛලවලින් පමණක්. අනෙක් මිනිස් සෛල රෝපණය කළ මීයන්. ඒ පරීක්ෂණ දෙකම සාර්ථක වුණා” යැයි ආචාර්ය වෙන්හුයි හූ පැවැසීය.
විද්‍යාඥ කණ්ඩායම මීයන් කණ්ඩායම් තුනක් යොදාගනිමින් මෙම අධ්‍යයනය කර තිබේ. එච්.අයි.වී - 1 ආසාදිත මීයන්, මිනිසුන්ට බෙහෙවින් සමාන මීයන් යොදාගනිමින් මානව එච්.අයි.වී - 1 ආසාදිත මීයන් සහ මානව සෛල රෝපණය කරන ලද මීයන් යන මීයන් කණ්ඩායම් තුන එසේ යොදාගත් මීයන් කණ්ඩායම් තුනය.
(ඬේලිමේල් ඇසුරිනි-හර්ෂණ තුෂාර සිල්වා.)

