ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය මගින් ගම්පහ දුම්රිය ස්ථානයේ දී දින තුනක් තිස්සේ සිදුකරන ලද රුධිර පරීක්ෂාවේදී එච් අයි වී ආසාධිතයින් බවට සැක කරන පස් දෙනකු හමුවු බව සෞඛ්‍ය අංශය සදහන් කරයි.
වර්ෂ 2025 වන විට මෙරටින් ඒඩ්ස් තුරන් කරමු සහ කිසි වෙකුත් රුධිර පරීක්ෂාවෙන් බැහැර කළ නොහැක " තේමා කරගනිමින් මෙම පරීක්ෂාව සිදු කළේය..
ලෝක ඒඩ්ස් මර්ධන දිනයට සමගාමීව සිදු කළ මෙම පරීක්ෂාවට කාන්තා සහ පිරිමි යන දෙපක්ෂයේ 160 දෙනෙක් ඉදිරිපත් වූහ.
එච්.අයි.වී ආසාධිත බවට සැක සහිත පස් දෙනා අතුරින් තිදෙනෙකු පිරිමි බව ද සෞඛ්‍ය අංශය කියයි.
ඔවුන් පස් දෙනා වැඩිදුර පරීක්ෂාවන් සිදු කිරීම පිණිස ගම්පහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණෙන ලෙස පෞද්ගලිකව දැනුම් දී ඇති ඇති අතර එහිදී එච් අයි වී ආසාදිතයින් බවට තහවුරු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ඔවුනට සාමාන්‍ය පරිදි දිවි ගෙවිය හැකි වාතාවරණයක් සලසා දෙන බවත් එම ලිංගික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මාලනී පතිරාජ මහත්මිය ප්‍රකාශ කළාය.
එච්. අයි. වී. ආසාදිතයන් බවට සැක 5ක් ගම්පහින්
( ගම්පහ තිලකරත්න දිසානායක.)

