එක්ස්ප්‍රස් පර්ල් ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්


(යොහාන් භාසුර)

රජය විසින් සමාජය තුළ සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා මෑතකදී ගන්නා ලද ඇතැම් පියවර රදගුරු හිමිවරුන්ගේ ඇගයීමට ලක්වූ බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පාරිසරික හානිය සහ ඒ සඳහා වන්දි ගෙවීම පිළිබඳව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද තව දුරටත් සැළකිලිමත් වන බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නික`ත් කරමින් පවසයි.

පසුගිය අගෝස්තු මස පැවැති ශ්‍රී ලංකා කතෝලික සමුළුවේ පූර්ණ සැසිවාරයේදී මෙරට යුක්තිය, සාමය සහ සංහිඳියාව කෙරෙහි සෘජුවම බලපාන වැඳගත් කරුණු පිළිබඳව අවධානය යොමුකළ බව ද එහි සඳහන් වේ.

එම නිවේදනය පහත දැක්වේ.