අමල් වික්‍රමරත්න
සංවර්ධන කටයුත්තක යෙදී සිටි එක්ස්කවෙට්ර් යන්ත්‍ර ක්‍රියා කරුවෙකු අද (27) විදුලි සැර වැදී මියගොස් ඇත.
ගාල්ල කොග්ගලකඩේ ප්‍රදේශය ආසන්නයේ මහමෝදර ඇළ සුද්ධ කිරීමේ ව්‍යාපෘතියට අයත් බව කියන එම පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයා සිය එක්ස්කැවේටර් යන්ත්‍රයෙන් යකඩ තහඩුවක් ඉහලට ඔසවන්නට යාමේදී ඉහලින් තිබු අධිබල විදුලි රැහැනක ගැටී ඇති අතර විදුලිසර වැදුණු විගස ඔහු රියදුරු අසුනෙන් ඉවතට වීසිවී ඇත.පසුව ඔහු කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කලද එහිදී ඔහු මියගොස් ඇතැයි රෝහල් පොලීසිය පැවසීය.
සිද්ධිය පිලිබඳව ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

