එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සහය අගමැතිට


අංජුල මහික වීරරත්න
 
විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද (29) රාත්‍රී තීරණය කළහ.

 
අරලිය ගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව පක්ෂ නායකයෝ මෙම තීරණයට පැමිණියහ.
 
එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක්කර ජයග්‍රාහී මාවතකට යොමු කළ යුතු බව මෙහිදි එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින් පවසා ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඊට පුර්ණ එකඟතාවය පළ කර තිබේ.
 
මේ අනුව විශ්වාසභංගය පරාජය කිරීම සඳහා තම සහයෝගය ලබා දීමට පක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණ ඇත.