එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානම්


(මොහොමඩ් ආසික්)

එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් ඕනෑම අවස්ථාවක බලය ලබා ගැනීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට පවතින බවත් සභානායක සහ මහාමාර්ග  හා විශ්ව විද්‍යාල බාර අමාත්‍ය  අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.

මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට සූදානමක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ කීවේය. 

“කඩා පනින හමුදාවක් වගේ කඩා පැනල මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්න එක්සත් ජාතික පක්ෂයට කිසිම වුවමනාවක් නැතැයි‘ද ඇමතිවරයා කීවේය.  වැඩිදුරටත්  අදහස් දැක්වූ ඇමතිවරයා වෛද්‍ය සභාව වෙත බෝම්බ ගැසීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා රටට සත්‍ය හෙළි කළ යුතු බවත් අවධාරණය කළේය.