(විනීතා එම් ගමගේ)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව, සුභ සාධනය පිළිබඳ මෙන්ම නීති විරෝධී මිනිස් වෙළෙඳාමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ ශ‍්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය එරට සිදු කරන නිල සංචාරය අතරතුර මෙම ගිවිසුම අත්සන් කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් ඊට අස්සන් කරනු ලැබුයේ එරට මානව සම්පත් අමාත්‍ය නසාර් තානි අල් හමාලි මහතා විසිනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමඟම මිනිස් වෙළඳාමට එරෙහිව නීතිව තදින් කි‍්‍රයාත්මක කිරීමට හැකිවන බවය.
එමගින් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට සුරක්ෂිතව ඩුබායි රාජ්‍යයේ සේවය කිරීමට හැකිවන බවත් එමඟින් ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවස්ථාව උදා වී ඇති බවත් අමාත්‍යවරිය පැවසුවාය.