බිඟුන් මේනක ගමගේ
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ හා නාවික හමුදා අතුරු කල්ලියක් විසින් පැහැරගනු ලැබුවේ යැයි කියන දරුවන්ගේ මව්වරුන් පිරිසක් එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය.
කාලි මෑණියන්ට හා සරස්වතී දේවියට කෙරෙන යාදින්නක ස්වරූපයෙන් සංවිධානය කර ඇති මෙහි සංවිධායකයන්ගේ නම ‘අපේ ජීවිත වෙනුවෙන් අපි’ මැයෙන් නම් කර තිබුණි.
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය දේව රූපවලට මල් දම් පළඳවා සුවඳ දුම් පූජා කරද්දී පුතු සංජය එක්නැලිගොඩ අත් පත්‍රිකා බෙදීමේ නිරත විය .

