මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංගට සිදුවූ දේ පිළිබඳ සොයා වැරදිකරුවන්ට දඬුවම් කරන බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු දක්වමින් ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ පුත් සංජය එක්නැලිගොඩ සිය ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්තේ එය ගම්මන්පිල මහතා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිදු කළ එකක් බවයි.
2010 වසරේදී අතුරුදන්වූ තම පියා එවකට පැවති සන්ධාන ආණ්ඩුවට එය සෙවීමට අවුරුදු 5ක් තිබූ බවත් එම කාලයේදී නොකළ දෑ නැවත බලයට පත්වී සිදු කරනු ඇතැයි කෙසේවත් විශ්වාස කළ නොහැකි බවත් දැන් තම පියා මතක් වී ඇත්තේ මහ මැතිවරණය එළැඹ ඇති නිසා බවත් සංජය එක්නැලිගොඩ තම ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශ කර ඇත.
ගම්මන්පිල වැනි දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන්නන් පිළිබඳ විශ්වාසය තැබීමට තරම් තමා මෝඩයකු නොවන බවද ඔහු එහි සඳහන් කර ඇත.

