(නිමන්ති රණසිංහ)
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි බළකායේ කෝප්‍රල් ඩබ්ලිව්. එස්. ඒ. උලූගෙදර ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත‍්‍රාත් උදේශ් රණසිංහ මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල ලබාදුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (9) අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී එලෙස රක්ෂිත බාරයට පත්කෙරිණි.
මාධ්‍යවේදී ප‍්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ සැකකාරුවන් වූ යුද හමුදා බුද්ධි බළකායේ ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ පි‍්‍රයන්ත කුමාර රාජපක්ෂ නොහොත් ”නාදන්”, ලූතිනන් කර්නල් තාන්තුලගේ ටොසිනා ප‍්‍රබෝධ සිරිවර්ධන, ලූතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණීෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ‍්‍රමනියම් නොහොත් රවී සාජන් මේජර් වඩුගෙදර විනී පි‍්‍රයන්ත ඩිලංජන් උපසේන නොහොත් ‘සුරේෂ්’, කෝප‍්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවින්ද්‍ර රූපසේන නොහොත් ‘රංජි’ සහ සැරයන් දංගහගමරාලලාගේ තරංග ප‍්‍රසාද් ගමගේ යන අයවලූන් මේ වන විට ඇප මත සිටී.