එක්නැලිගොඩ ගැන ප්‍රශ්න කරන්න රැඳවුම් නියෝගය තවම නෑ


ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදාවේ සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් රැඳවුම් නියෝග ලබාදී නොමැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 24 වැනිදා අත් අඩංගුවට ගත් මෙම සිව් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන සිටින බවත් අද (27) පස්වරුව වන තුරු එම රඳවා ගැනීමේ නියෝගයට අත්සන් තබා නොමැති බවද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුහු දැනට අත් අඩංගුවේ පසුවෙති.