ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කරනු ලැබ සිටී.
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින හා 20 -20 තරගාවලි සඳහා එසේ ඔහු නායකත්වයට පත්කර ඇති අතර මීට පෙර පැවැති පාකිස්තාන 20-20 තරගාවලියේ නායකයා ලෙසද ඔහු කටයුතු කළේය.
28 හැවිරිදි තිසර පෙරේරා එක්දින ක්‍රිකට් නායකත්වයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර උපුල් තරංග එක්දින නායකයා ලෙස කටයුතු කළේය.

