එක්දරු පියා වල් අලි පහරින් මරුට


පදවිය පරාක්‍රමපුරදී අද (16) උදෑසන වල් අලියකු පහරදීමෙන් ගොවියකු (38) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අලියා ගමට පැමිණි අවස්ථාවේ පිරිසක් විසින් ඌ එළවා දැමීමට උත්සාහ දරද්දී මෙම පහර දීම සිදුව ඇතැයිද කියති.

මිය ගිය පුද්ගලයා එක්දරු පියකු බව පොලිසිය පවසයි.