එක්කෝටි දා හතර ලක්ෂයක් රේගුවේ හිරවේ


රුපියල් එක්කෝටි දාහතර ලක්ෂ අනූ අට දාස් දෙසිය විසි දෙකක් වටිනා විදේශ මුදල් තොගයක්  තම ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි  59 හැවිරිදි විදුලි උපකරණ ව්‍යාපාරිකයෙකි.

ඔහු ලඟ තිබී අත් අඩංගුවට ගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් අසූපන්දහසකි.

සැකකරු සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට පැමිණ සිටියදී අද අළුයම 1.20 ට පමණ අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධී්කෂණය යටතේ රේගු අධිකාරී ගාමිණී කරුණාතිලක,  සහකාර රේගු අධිකාරීවරුන් වන නිලාන් ලංකා, චතුර අබේසිරිවර්ධන, තිලංක සමරවීර සහ දිමුතු ධනංජනී යන නිලධාරීහු සිදු කරති.