එකම පවුලේ හතරක් නිදි පැදුරේදීම මරුට


(රොමේෂ් මධුෂංඛ)

යාපනය අරියාලෙයි මාම්බලන් මන්සන්ධිය ප්‍රදේශයේ නිවසක් තුළ මව සමග පුතුන් දෙදෙනා සහ දියණිය නිදි පැදුරේම මිය ගොස් සිටියදී මළ සිරුරු අද (27) දහවල් සොයාගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අරියාලෙයි මාම්බලන් මන්සන්ධියේ ඒ.වී මාර්ගයේ පදිංචි මෙම පවුලේ පියා ද මීට මසකට පමණ පෙර මිය ගොස් ඇති අතර ජීවත්ව ඇත්තේ මවත් පුතුන් දෙදෙනාත් හා දියණියත් පමණි.