කඩුගන්නාව හේනාවල මාර්ගයේ නවතා ඇති වෑන් රථයක් වාහන අලුත් වැඩියා කරන ස්ථානයකට ගෙන යාමට සැරසෙන බවට කඩුගන්නාව පොලිසියට ලද තොරතුරක් මත එම වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
එහි ලියාපදිංචිය සනාථ කර ගැනීම සදහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් තොරතුරු ලබාගෙන ඇති අතර පොලිස් භාරයට ගත් මෝටර් රථයේම ලියාපදිංචි අංක වලට සමාන තවත් මෝටර් රථයක් මහර නුගේගොඩ පදිංචි යක්කල ආර්යුවේද විද්‍යායතනයේ කථිකාචාර්යවරයෙක් ළඟ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් වෑන් රථයේ හිමිකරු මාවනැල් ප්‍රදේශයේ අයකු බවත් කියති.



