එකට කාබී එකට සිටියත් හොරා හොරාමයි


බණ්ඩාරගම ඇඟළුම් සේවිකාවකගේ රන් අබරණ සොරකම් කළැයි ඇගේ හොඳම මිතුරිය සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එකට කාබී එකට ගමන් බිමන් යන මේ දෙදෙනා පන්සල් යාමට කථා කරගෙන සිටි බවත් අවසන් මොහොතේ එක් මිතුරියක පන්සල් නොගොස් තුන් හැවිරිදි දරුවාද සමග ඇගේ නිවසට ගොස් රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා රන් බඩු සොරාගෙන ගෙදර අවුත් සහල් ගෝනියේ සඟවා ඇතැයි පොලිසිය කියයි.

පන්සල් යාමට දොර වසා යතුර තැබූ තැන අනෙක් මිතුරිය දැන සිටි බවද කියයි. පොලිස් සුනඛ ග්‍රේරෝ පුංචි සෙරෙප්පු දෙකක ඉව ඔස්සේ මිතුරියගේ ගෙට ගොස් ඇත. රන් බඩුද හාල් ගෝනියෙන් සොයා ගත් පොලිසිය මිතුරිය උසාවියට ඉදිරිපත් කිරීමට යයි.

ග්‍රේරෝ ඉව අල්ලා ඇත්තේ රන්බඩු සොරකම් කළ කතගේ දරුවාගේ සෙරෙප්පුවයි.