එංගලන්ත ‘ඒ’ කණ්ඩායම 3-2 කින් තරගාවලිය ජයගනී


ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) ක‍්‍රීඩකයෝ 3-2 ක් ලෙස ජය ලැබීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (06) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් එංගලන්ත පිල ලකුණු 117 ක ජයක් ලැබීය. එංගලන්ත ‘ඒ‘ පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 330 (ඇලෙක්ස් හේල්ස් 46, ජෝ රූට් නොදැවී 110, ජේම්ස් ටේලර් 41, ජෝස් බට්ලර් 64, මාලිංග බණ්ඩාර 65/2) ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 40.2 කදී 213 (මහේල උඩවත්ත 52, දිමුත් කරුණාරත්න 23, අෂාන් ප‍්‍රියංජන් 35, භානුක රාජපක්‍ෂ 24, තිළිණ කණ්ඩම්බි 29, කුසල් ජනිත් 23, සමිට් පටෙල් 55/3, ඩැනී බි‍්‍රග්ස් 27/3)