එංගලන්ත වෛද්‍යවරයාට කරාපිටියේදී සැත්කම් කිරීමට අවසර


(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)

වෛද්‍ය සභාවේ අනුමැතිය  හිමිවිම නිසා   එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් මහතාට යලි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරිමට   අනුමැතිය  ලබාදුන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 
 
රිචඩ් පර්මින් මහතාට  හෘද සැත්කම් කිරිම සඳහා යලි අවස්තාව ලබාදෙන බව පවසමින් රෝහල් අධ්‍යක්ෂකවරයා අදාල අංශවෙත   අද (19) පස්වරුවේ දැනුම් දුන්නේය.  
 
මේ පිළිබද අප කළ විමසුමකදි රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා මේසේ ද කිවේය.
 
 “සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත තමයි   මේ ගැන සොයා  බලන තෙක් එංගලන්ත ජාතික වෛද්‍යවරයා  සිදුකිරිමට නියමිතව තිබූ සැත්කම්  තාවකාලිකව නතර කරණ ලෙස ඉල්ලා මා  ලිපියක් නිකුත් කළේ. වෛද්‍ය සභාවෙන් කියනවා මෙම  විශේෂඥ වෛද්‍යවරයාට සැත්කම් කිරිම සඳහා අනුමැතිය ලබා දුන්නේ හොඳට  සොයා බලා කියලා. ඒ නිසා යලි මේ ගැන පරික්ෂා කිරිමට අවශ්‍ය නොවන බව දැනුම් දුන්නා. ඒ අනුව මා මිට පෙර නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කරගත්තා.“ යැයිද  රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසිය.