(විජේරත්න රත්නායක )
ඌව පළාතේ පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ගෙවිය යුතු සියලු හිඟ අතිකාල දීමනා මැයි 7 වැනි දා ට පෙර නොගෙවන්නේ නම් පළාතේ සියලු රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය.
බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රයේදී අද (1) මේ සම්බන්ධව පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කීවේය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය චතුර මාරසිංහ මහතා සඳහන් කළේ ඌව පළාත් සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයන්ට ගෙවිය යුතු අතිකාල දීමනා ගෙවීම විධිමත් ලෙස සිදු නොවන අතර බොහෝ විට අදාළ බලධාරීන් විසින් එම ගෙවීම් ප්‍රමාද කරන බවයි.
මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් වන ඩබ්.එම්.චාමින්ද බණ්ඩාර, එස්.එච්.බණ්ඩාර, සුරත් උබේරත්න, ඒ.ඩබ්.එන්.උදයංග යන මහත්වරුද එක්ව සිටියහ.